තුන්වැනි වරත් බොම්බායට රන් අදින්න බැරි වේ
කටුනායක ගුවන් තොටේ සිට බොම්බායට සතියක් ඇතුළත රත‍්‍රන් ගෙන ගිය තෙවන සැකකරුත් අද අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ බුද්ධි තොරතුරු සේවය කියයි.
රුපියල් ලක්ෂ 25 ක් වටිනා රන් බිස්කට් තුනක් ගුද මාර්ගයේ සඟවාගෙන ගිය සැකකරුවකු අද අත්අඩංගුවට ගැණුනි. ඒවායේ බර ග‍්‍රෑම් 310 කි.
ඉකුත් 4 වැනිදාද කෝටි දෙකක රන් බිස්කට් 30 ක් බොම්බායට ගෙන යාමට උත්සාහ කළ දෙදෙනකු කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට පත්විය. අද අත්අඩංගුවට ගත් සැකකරු ව්‍යාපාරිකයෙකි. (35) ඔහු යූ.එල්. 141 දරණ ගුවන් යානයෙන් බොම්බායට යාමට පැමිණ ඇත.

