මාතර හා කළුතර සිට කොටුව දක්වා ධාවනය වන සාගරිකා ඇතුළු කාර්යාල දුම්රිය දෙකක් අද(4) පෙරවරුවේ පරීක්ෂා කැර වීය.
තුන්වැනි පන්තියේ ටිකටිපත් වලින් දෙවැනි පන්තියේ මැදිරිවල ගමන් කිරීමේ වරදට කාර්යාල සේවක සේවිකාවෝ 84 දෙනකුගෙන් රුපියල් 228555 ක දඩයක් අය කැර ගැනීමට නියමිත අතර අද (4) දහවල් වන විට 34 දෙනකු දඩ වශයෙන් රුපියල් 90370 ක මුදලක් ගෙවුහ.