තුන්වැනි එක්දින තරගය විසඳුමකින් තොරය


ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගය විසඳුමකින් තොරව අතහැර දමන ලදි. ඊයේ රාතී‍්‍ර 8.30 ට පමණ තණතීරුවත්, කී‍්‍රඩා පිටියත් පරීක්‍ෂා කළ අසෝක ද සිල්වා සහ පෝල් රයිෆල් යන විනිසුරුවරු දෙදෙනා, දෙපිලේ නායකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ කැමැත්තද ඇතිව තරගය අතහැර දැමීමට තීරණය කළහ. වර්ෂාව නිසා තරගය නතර කරන විට පාකිස්තානු පිල ලකුණු 12 කට කඩුලූ දෙකක් දැවී අසීරු තත්ත්වයකට මුහුණ දී සිටියේය. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර සිව්වැනි එක්දින තරගය සෙනසුරාදා පැවැත්වෙයි.  ඡයාරූපය : ශාන්ත රත්නායක