තුන් ලක්ෂයක් ජනප්‍රිය පාසල් දොරටුවේ


මධ්‍යස්ථාන 2803කදී ලබන ඉරිදා (26) පැවැත්වෙන පහ වසර ශිෂ්‍යත්වයට සිසුන් 318416 දෙනකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව කියයි. ඒ අතර දෙමළ සිසුහු 77926 දෙනෙක් වෙති. ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළු කර ගැනීමේ පිවිසුම මේ විභාගයයි. කළු/නිල් පෑන් හෝ තදපාට තුඩ ඇති පැනසල් වලින් පමණක් උත්ත ලිවිය යුතු බව ද දෙපාර්තමේන්තුව කියයි.