තුන් නිවුන් දරුවනට නිවහනක් නෑ


මහනුවර මහ රෝහලේ තුන් නිවුන් දරුවන් බිහි කළ මවක හා ඇගේ සැමියා ලොකු ප්‍රශ්නයකට මුහුණ පා සිටිති. මහනුවර මහ රෝහලේ සිට දරුවන් රැගෙන යෑමට නිවෙසක් නැති බව එම ප්‍රශ්නයයි. පී ශාන්ති (36) දරුවන් බිහි කළේ අඩු මාසයෙනි. ගැහැණු දරුවන් දෙදෙනාත් පිරිමි දරුවාත් දැනට නොමේරූ ළදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. දරුවාගේ පියා කුළියට ගත් ත්‍රීරෝද රියක් පදවන්නෙකි. දැනට මාපානවතුර පැසේජ් හි තම සහෝදරයාගේ නිවසේ කාමරයක ඔහු ජීවත් වෙයි. ඔවුනට අවුරුදු අටක දියණිකද සිටී. රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නාලනී මැණිකේ පවසනුයේ දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයට පත් වෙමින් සිටින බවයි. උපත් බර අඩු වුවද දැනට දරුවන්ගේ බර කෙමෙන් වැඩි වන බව වෛද්‍යවරිය කියන්නීය. සති දෙකකින් හෝ තුනකින් ඔවුනට රෝහලෙන් පිටවී යා හැකි බවද, එම දරුවන් රැගෙන යන පරිසරය සෞඛ්‍ය සම්පන්න විය යුතු බව ද ඇය කියන්නීය. දරුවන්ගේ පියා වන සුරේෂ් ඛන්නා (33) පවසනුයේ දිනපතා උපයණ තම ආදායම අනුව ඉඩමක් මිලදී ගැනීම හෝ නිවසක් තනා ගැනීම කවදාවත් කළ නොහැකි බවයි. සුරේෂ්ගේ ලිපිනය  -  සුරේෂ් කන්නා, අංක 31/ඒ, මාපනාවතුර පැසේජ්, මහනුවර. මව පී ශාන්තිගේ ලංකා බැංකුවේ මහනුවර ශාඛාවේ ගිණුම් අංකය 73946787