තීන්දුවට එරෙහිව අභියාචනයක්


(තරිඳු ජයවර්ධන, සිරාජ් හසීම් සහ සිතුම් චතුරංග)

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධ නඩු තීන්දුවට එරෙහිව දින 14ක් අතුළත අභියාචනයක් යොමු කරන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහින්ද ජයවර්ධන මහතා පැවසීය.

මෙම අපරාධය සිදු කර ඇත්තේ වෙනත් පුද්ගලයකු බවත්, දඬුවම් නියම වූ විත්තිකරුවන් ඊට සම්බන්ධ නැති බවත් නීතිඥ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

විද්‍යා ඝාතනය සිදුවීම ජනමාධ්‍යයද නිසියාකාරව කටයුතු නොකළ බව ද ඒ මහතා කීවේය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර දඬුවම් නියම කිරීමට පෙර  පෙර විත්තිකරුවෝ හත් දෙනාද විත්ති කූඩුවේ සිට තමන් මෙම අපරාධය සිදු නොකළ බව ප්‍රකාශ කළහ.