තිළිණිට ඔලිම්පික් වරම්
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා තිළිණි ජයසිංහ ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට අද (10) සුදුසුකම් ලැබුවාය. එංගලන්තයේ ලන්ඩන් නුවරදී මේ මස 27 වැනිදා ආරම්භවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා පිලේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගණන ඒ අනුව 7 දක්වා ඉහළ ගියේය.
ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වට ක‍්‍රීඩිකාවෝ 46 දෙනෙක් සහභාගිවෙති. එම ක‍්‍රීඩිකාවන් 46 දෙනා අතරින් ක‍්‍රීඩිකාවක් ඉවත්වීම නිසා ඔලිම්පික් බැඞ්මින්ටන් තරගාවලියේ අතිරේක (ක‍්‍රීඩිකාවන්) ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටි තිළිණිට ප‍්‍රධාන කාණ්ඩයට ඇතුළත්වීමේ අවස්ථාව හිමිව තිබේ.
අවසන් වරට 2008 වසරේ චීනයේ බීජිං නුවරදී පැවැති ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ද සහභාගි වු තිළිණි, දෙවරක් ඔලිම්පික් වරම් ලබාගත් ප‍්‍රවීණතම ක‍්‍රීඩිකාව ද වේ.
මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් එක් ක‍්‍රීඩකයකු සහ ක‍්‍රීඩිකාවක සහභාගිවන පළමු අවස්ථාව ද මෙයවේ. එහිදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න, ඔලිම්පික් උළෙලට සිය දස්කම් අනුව සුදුසුකම් ලබා සහභාගිවීම විශේෂත්වයකි.

