තිළිණි දෙවැනි තරගයත් පරදියි


ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී කාන්තා කේවළ ඉසව්වේ මුලික වටයේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා තිළිණි ජයසිංහ පරාජය වුවාය. ඒ අනුව තිළිණි සහභාගි වු තරග දෙකම පරාජය ලබා තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. පෘතුගාලයේ ටෙල්මා සන්තොෂ් සහ තිළිණි අතර අද (30) පැවැති මිනිත්තු 19 ක කාලයක් ගත වු තරගයෙන් 21/9, 21/11 ක් ලෙස තිළිණි පරාජය විය. තිළිණි 28 වැනිදා සහභාගි වු පළමු තරගයෙන් තායිලන්ත ක‍්‍රීඩිකා රට්චනොක් ඉන්ටනොන් හමුවේ පරාජය වුවාය.