තිසා වැව පතුළෙන් බෝම්බ ගොඩගනී


තිස්සමහාරාමයේ තිසා වැවේ නාන තොටුපොළක් පතුළේ තිබී බෝම්බ දෙකක් ගොඩගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් විය. කතරගම ඇසළ උළෙල සමයේදී රුහුණේ ප‍්‍රධාන වැව් පිරීක්සීම යටතේ කළ සෝදිසියකදී සොයාගත් මේ බෝම්බ යුද හමුදාව සතු බෝම්බවලට සමාන බව කියති.