තිස්ස වැවෙන් සිරුරු හතම ගොඩ ගනී


තිස්සමහාරාමයේ තිස්ස වැවේ බෝට්ටුවක් පෙරළීමෙන් මිය ගිය හත් දෙනාගේම සිරුරු සොගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. මොවුන් හෝමාගම දැල් කම්හලක සේවකයන් බවත්, පදිංචිය ඉංගිරියේ බවත් දැනගන්නට ඇත. නියමිත ප්‍රමාණයට වඩා පිරිස් බෝට්ටුවේ නංවාගෙන යෑමෙන් බෝට්ටුව පෙරැලී ඇත. දහ දෙනෙකුට යාමට හැකි බෝට්ටුවේ විසි දෙදෙනෙකු ගමන් කර ඇතැයි පැවසේ.