තිස් ලක්ෂයක රන් කොල්ලය අල්ලයි.


තඹුත්තේගම ස්වර්ණාභරණ සාප්පුවකින් රුපියල් තිස් ලක්ෂයක රන් බඩු කොල්ලකෑ පස් දෙනෙක් කලා ඔයදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. එම සාප්පුවේ සේප්පුව රැගෙන ගිය පිරිස පොරවකින් ගසා එය කඩා රන් අභරණ බෙදාගෙන ඇතැයි ද පොලීසිය කියයි. රන් අභරණවලින් විශාල කොටසක් ද සේප්පුව ද සොයාගෙන ඇත.