( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු හතර දෙනෙකුට එරෙහිව නීතිවිරෝධී අන්දමින් අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 25 ක් යටතේ ගොනු කර ඇති අධි චෝදනා නඩු විභාගය අත්හිටුවමින් දුන් නියෝගය පෙබරවාරි 5 වැනිදා දින තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (29) නියෝගයක් නිකුත් කළේය.
මහාධිකරණය විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාග වන එම නඩුව වෙනත් විනිසුරුවරයෙකු හමුවේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා සිටින මහසේත්‍රාත්. තිළිණ ගමගේ මහතා ගොනු කළ පෙත්සමක් 27 වැනිදා අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී මෙම නියෝගය දීර්ඝ කරන ලදී.
මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැදවිණි. පෙත්සම්කාර තිලිණ ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින් ලද්දූවහෙට්ටි මහතා පැවසූ දැනට මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය සිය සේවාදායකයා වෙනුවෙන් සාධාරණ ලෙසින් විභාගය නොවන බවයි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණය හමුවේ සදහන් කර සිටියේ සාධාරණ විභාගයක් ලබා දීමට නම් සාක්කිකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමට මහාධිකරණ විනිසුරුවරයාට අයිතියක් පවතින බවත්එ ,එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන ලෙසයි.
පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගන්නවාද නැත්ද සහ පෙත්සමින් ඉල්ලා සිටින අතුරු නියෝගය ලබා දීම සම්බන්ධයෙන් වන තීන්දුවද පෙබරවාරි 5 වැනිදාට කල් තබන ලදි.
පෙත්සම්කාර තිළිණ ගමගේ මහතා වෙනුවෙන් නීතීඥ ලක්නි සිල්වා මෙනවියගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ නලින් ලද්දූවහෙට්ටි සහ නීතීඥ හෆීල් ෆාරිස්. යන මහත්වරුන් පෙනී සිටියහ. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.

