තැපැල් හුවමාරු කුඩු නඩුවේ තුන්දෙනා යලි රිමාන්ඩ්


පොත් අතර සඳහා එවූ හෂීස් මත්කුඩු පාර්ලසයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ගැනීමට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා සහ ඔවුන්ට ආධාර දුන් බව කියන තවත් අයෙක් කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් වරයා විසින් රිමාන්ඩ් කරනු ලැබීය. බ්‍රට්න් සාවුල් ෆීලික්ස් , ජෝෂ් කර් විල්ටන් හා උදේශ් හෙට්ටිආරච්චි එම තිදෙනාය. ජනප්‍රිය නිලි ඇන්ජනා සෙනවිරත්න කලකට පෙර පදිංචිව සිටි නිවසේ ලිපිනයට එම පාර්සල් එවා තිබිණි. හෂීස් සාම්පලය පිළිබඳ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් නිළැඹුනු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය අධිකරණයට දැන්වීය. තම කටයුතු අවසන් බව ඔවුන් පොලිසියට කියා සිටියේය.