තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද(14) දෙවැනි දිනටත් ක්‍රියාත්මක කෙරේ.
පසුගිය 12 වැනිදා මධ්‍ය රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනය සඳහා මෙතෙක් නිසි පිළිතුරක් අදාළ බලධාරීන්ගෙන් ලැබී නැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා පවසයි. වර්ජනය හේතුවෙන් මේ වනවිට තැපෑලේ ලිපි ලක්ෂ ගණනක් ගොඩ ගැසී ඇති බවත් තම වෘත්තීය ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබානොදුනහොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටියේය.
(ඡායාරූප - ජවුෆර් කාන්)




