(සනත් ගමගේ)
රටපුරා තැපැල් වර්ජනයක් සිදු වුවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට,තිස්සමහාරාමය සහ තංගල්ල යන ප්‍රධාන තැපැල් කාර්යාලවල අද (27) දහවල් වනතෙක් රාජකාරී කටයුතු සිදුවන බව හම්බන්තොට ප්‍රදේශිය තැපැල් අධීකාරී නාලක මනුකුලසූරිය මහතා කියයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ උප තැපැල් කාර්යාල 96 ක් තිබෙන අතර ඒ සියල්ල වසා දමා ඇති බවත් ප්‍රධාන තැපැල් කාර්යාල 21 න් තුනක් අද දහවල් වන තෙක් රාජකාරී කටයුතු සිදු කරන බවත් ඒ මහතා පවසයි.
සවස් කාලයේ තත්ත්වය කෙසේවේදැයි කිව නොහැකි බව ඒ මහතා ප්‍රකාශ කරයි.අම්බලන්තොට තැපැල් කාර්යාලයේ සියලු සේවකයින් සේවයට වාර්තා කර ඇති බවත් ගැටළුවකින් තොරව මහජනතාවට අවශ්‍ය සේවය සලසා දෙන බවත් අම්බලන්තොට තැපැල් ස්ථානාධිපතිවරයා කිය.



