තැපැල් ඡන්ද දාන දිනය තීරණය කරන්න මැතිවරණ කොමිසමේ රැස්වීමක්


(දසුන් රාජපක්ෂ)

එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිතා කරන දිනය තීරණය කිරීම සඳහා මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිසම අද (16) රාජගිරිය හි පිහිටි එම  කොමිසමේ දී විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇත.

එම සාකච්ඡාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පාලනය කිරීම, සෞඛ්‍යය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

එමෙන්ම මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්දදායකයන් අනිවාර්යෙන් පෑනක් රැගෙන ආයුතු බවට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි ද මහින්ද දේශප්‍රිය මහතා කීය.