ලෝක උරුම සීගිරිය ඉපැරණි රාජධානියක් ලෙස තෝරා ගැනීමේදී උත්තරද්‍රවයේ හා දක්ෂිණ ද්‍රවයේ තාරකා පිහිටීම අනුගමනය කර ඇති බව පේනේයැයි ද, පිරමීඩ ඉදිකිරීමේදීත් මේ ක්‍රමය අනුගමනය කර ඇතැයි ද එංගලන්තයේ බකින්හැම් තාරකා ජීව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියයි.
ශ්‍රී ලංකාවේ මෑත පැවැති රතු සහ කහ වැසි ගැන පරීක්ෂණයක් සඳහා සීගිරි ගල මුදුනේ වැසි ජල සාම්පල ලබා ගත් බව ද වික්‍රම සිංහ මහතා පවසයි.
කාඩිෆ් විශ්ව විද්‍යාලයේ ඩයටම පොසිල (උල්කාෂ්ම) හා ඇල්ගි පිළිබඳ විද්‍යාඥ ආචාර්ය රිචඩ් බී හුවා මහතා කියනුයේ අරලංගවිල උල්කාෂ්මය මෑත කාලයේ හමුවූ සුවිශේෂ දුර්ලභ ආකාශ වස්තුවක් බවයි. පොලොවෙන් භාහිරව ජීවීන් සිටින බවට එම උල්කාශ්මය හොඳ සාක්කියක් බවත් ඔහු කීවේය.
ජපන් ජාතික තාරකා විද්‍යාඥ ආචාර්ය හුරී මහතා ද මේ අවස්ථාවට එක්වූහ.

