(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබූ තාරකා ඉබ්බන් 2089ක් සහිත ගමන් මලු හතරක් සමග සැකකරුවකු සහ යාත්‍රාවක් කල්පිටිය ඉප්පන්තිවු දූපත ආසන්න මුහුදේ දී අද(18) අත්අඩංගුවට ගත් බව කල්පිටිය විජය නාවුක නාවික කඳවුර පවසයි.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යාත්‍රාවේ තිබී අශ්වබල 40ක අතිරේක එන්ජිමක් ද අත්අඩංගුවට ගෙන තිබේ.එම තාරකා ඉබ්බන් ඉතා සූක්ෂම ලෙස ගමන් මලු හතරක අසුරා තිබිණි.
මේවා වෙනත් රටකට අපනයනය කිරීම සඳහා හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව භාවිතා කරන බව පරීක්ෂණ පවත්වන නිලධාරීහු පවසති.
මෙවැනි තාරකා ඉබ්බන් ජාවාරමක් ගැන අනාවරණය වූ ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.


