තායිලන්ත ජුඩෝ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්
තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති ‘තායිලන්ත’ අන්තර්ජාතික ජුඩෝ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ කපිල ජීවන්ත රිදී පදක්කමක් ද, චාමර ධර්මවර්ධන ලෝකඩ පදක්කමක් ද දිනා ගැනීමට සමත්වුහ. කපිල ජීවන්ත කිලෝග‍්‍රෑම් 90 (පිරිමි) බර පංතියෙන් රිදී පදක්කම දිනාගත් අතර චාමර, කිලෝග‍්‍රෑම් 77 බර පංතියෙන් (පිරිමි) ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.

