තිරප්පනේ ගල් ගුහාවක දිවි ගෙවන දරු දෙදෙනාට මවට හා අවුරුදු 79ක් වන මවගේ පියාටත් මුදල් පරිත්‍යාගයක් කිරීමට තම කාර්යමණ්ඩලය ඉදිරිපත් වූ බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතා පවසයි.
දෙසැම්බර් මස 29වන ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවූ පුවත කියැවීමෙන් පසුව ඔහු මේ බව කීවේය.
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් වරයාට කතා කළ බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එම අසරණයින්ට නිවසක් තනාදීමට ඉදිරිපත්ව ඇති බවත් කිසිවක් කරකියාගත නොහැකි දරු දෙදෙනාගේ මවගේ ඉල්ලීම පිට නව නිවාස ඉදිරිපිට කුඩා වෙළද සලක් විවෘත කැර ගැනීමටත් පාසල් නොයන දරුවා පාසලකට ඇතුලත් කිරීමටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්ව වී ඇතැයි තානාපති පැවසිය.