තානාපති වැඩමුළුවක් දියතලාවේ


ශ්‍රී ලංකා විදෙස් දූත සේවයේ තානාපතිවරුන් හා මහාකොමසාරිස්වරුන් 57 දෙනා වෙනුවෙන් දියතලාව යුද හමුදා ආරක්ෂක පීඨයේ දී ලබන සතියේ (7-8) වැඩ මුළුවක් පවත්වන බව විදේශ අමාත්‍යංශය කියයි. ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා ජාත්‍යන්තරය සමග සිදු කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කැරෙන අතර ජුලි 9-11 දිනවල ඔවුහු මඩකළපුව, ත්‍රිකුණාමලයේ චාරිකාවක යෙදෙති.  මෙම 57 දෙනාගෙන් පහළොස් දෙනකු හැර සෙස්සෝ විදේශ සේවයට පිටින් පත්වීම් ලද්දෝය.