තානාපති මුද්‍රා ළඟ තබාගත් කත රිමාන්ඩ්
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයයේ රබර් මුද්‍රා, ලිපි ශීර්ෂ ආදිය ළඟ තබාගත් බව කියන මාකොළ පියුමි තාරක කල්පනී ලබන17 වැනි දා තෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය. ජපන් බස ද හොඳින් කතා කරන ඇය ජපාන වීසා හා ජපානයේ රැකියා ආදිය පතන්නවුනට ලියුම් දී මුදල් අය කැර ඇතැයි ද ජපාන තානාපති කාර්යාලයයේ නම් වාහන කුලියට ගෙන ආපසු බාරදී නැතැයි ද පොලිසිය උසාවියට දැන්වීය.

