
( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සුභසාධනය පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ (27 ) උදෑසන ජෝර්දානයේ කරක්හි කම්හලක් වෙත ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ කාර්ය මණ්ඩලය එහි සිටි රැකියා විරහිත සංක්‍රමණික කම්කරුවන්ගෙන් කොටසක් විසින්, තමන් වහාම ආපසු ශ්‍රී ලංකාවට යවන ලෙස ඉල්ලා සිටිමින් පැය පහකට අධික කාලයක් තිස්සේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගත් බව ජෝර්දානයේ අම්මාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
ජෝර්දානයේ කරක් නුවර පිහිටි මෙම කම්හලේ සිදුවීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණ.
එම කර්මාන්ත ශාලාවේ ඇතිවූ තත්ත්වය සමනය කිරීම සහ තානාපති කාර්යාලයේ නිලධාරීන් නිදහස් කිරීම සඳහා ජෝර්දාන පොලිසිය එහි කැඳවූ බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. ඉකුත් 22 වැනි දින ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් එම කර්මාන්ත ශාලාවේ දීම වියළි සලාක සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇසුරුම් 375 ක් බෙදා දුන් බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

