තානාපති ආදර්ශයක් දෙයි


ඉතාලි රජයේ නව නීති අනුව එරට රැඳී සිටීමේ බලපත‍්‍රය ගැනීම සඳහා  වන ලියවිලි සකසා ගැනීමට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මිලානෝ නුවරින් ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් හිස් අතින් ආපසු යෑමට සැරසෙද්දී තානාපති අසිත පෙරේරා මහතාද පැමිණ ඔවුන්ගේ වැඩ කර දුන්නේය. කිලෝමීටර් 450 දුර ගෙවා 65 දෙනෙක් එහි ගියහ. උදේ 9-4.30 අතර 34 දෙනෙකුගේ වැඩ වසන් කැර තිබිණි. ඉතිරි අය ගැන කතා කළ මිහිරි පුංචිහේවා මහතා හා එහි නිලධාරීන් අතර බහින්බස් වීම කෙළවර වූයේ පොලිසිය ගෙන්වා මිහිරි පුංචිහේවා මහතා එළියට දැමීමෙනි. මේ සිද්ධියෙන් පසු කවුළුවද මිනිත්තු 20කට වසා තැබිණි. තානාපති පැමිණ කාර්ය මණ්ඩලය සමග වැඩ කරමින් පැය එකහමාරකින් සියලූ දෙනාගේ අවශ්‍යතා ඉටුකැර දුන්නේය. මේ ගැන විමසීමට තානාපති හෝ ප‍්‍රධාන නිලධාරිනිය දුරකථනයෙන් සම්බන්ධ කැරගත නොහැකි විය. ලේකම්වරිය පැවසුයේ ඒ ගැන තමාට කිසිත් කිව නොහැකි බවයි.