(රංජන් කස්තුරි)
ත්‍රීරෝද රථ නියාමනය කිරීම සඳහා කොමිසමක් පත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේ අද (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවැසීය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් එම නියාමන කොමිසම ක්‍රියාත්මක කෙරෙන බවද එම කොමිසම ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබෙන බවද ඇමැතිවරයා කීවේය.
කෙසේ වෙතත් ත්‍රීරෝද රථ රියදුරන්ට වයස අවුරුදු 35ක් විය යුතු බවට නීතියක් ගෙන ඒමට තමා විරෝධය දක්වන බවද එලෙස නීති ගෙන ඒම තරුණයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකැයිද ඇමැතිවරයා පැවැසීය.
ත්‍රීරෝද රථ නියාමනයට කොමිසමක්
Recommended Articles