ත්‍රී රෝද රථ අනතුරින් එකම පවුලේ තුනක් මරුට


(නිශාන්ත කුමාර)

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ලොග්ගල්ලා ඔය අන්තර් නිම්න ඇල ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථ දෙකක් ගැටීමෙන් එහි සිටි දරුවන් දෙදෙනෙකු හා කාන්තාවක්  ලොග්ගල්ලා ඔය ඇල මාර්ගයට පෙරළියාමෙන් මියගොස් ඇතැයි මහියංගන පොලිසිය පවසයි.

අනතුරට පත්ව ඇත්තේ මීගහකිවුල කරදගහමඩ අල්ලියද්ද ගම්මානයේ පදිංචි එකම පවුලක පිරිසකි.