ත්‍රී රෝද බලපත් දීම පුහුණුවකින් පසු



(පුෂ්පකුමාර ජයරත්න)

ඉදිරියේදී ත්‍රීරෝද රථ බලපත්‍ර අයදුම්කරන පුද්ගලයින්ට ත්‍රීරෝද රථ පැදවීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිරීති පිළිබඳ පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව පමණක් ඉදිරියේදී රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කියයි.
කුරුණෑගලදී අද(11) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව මේ සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ත්‍රී රෝද රථ රියැදුරු බලපත්‍ර ඇයැදුම්පත් 200ක් එකතු වීමෙන් පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී මේ සඳහා සත්දින වැඩමුළුවක් පවත්වන බවත් ඒ මහතා පවසයි.