( රවින්ද්‍ර විරාජ් අබයසිරි)
වත්තේගම සිට මාතලේ දෙසට ගමන් කරමින් තිබු ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටි එහි ගමන් එකම පවුලේ සහෝදරයින් දෙනොගෙන් එක් තරුණයෙකු මිය ගොස් අනෙකා බරපතල තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව මාතලේ පොලිසිය කියයි.
මෙම අනතුර අද (16)අලුයම සිදු ව ඇති අතර මාතලේ වත්තේගම මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ ප්‍රධාන අසල වු විශාල ලුනු මිදැල්ල ගසක් කඩා වැවිමෙන් මෙම අනතුර සිදු ව ඇත.
මාතලේ යටවත්ත නිකගොල්ල ප්‍රදේශයේ පදිංචි සහෝදරයින් දෙදෙනකු මෙසේ අනතුරට පත්ව තිබේ.