ත්‍රිරෝද රථයක් ධාවනය කිරීමේදී රියදුරුගේ අවම වයස අවුරුදු 35 ට සීමා කිරීමේ නීතීයට තමන් එකඟ නොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
රියදුරු බලපත් ලබා ගැනීමේදී අවම වයස් සීමාව වන්නේ අවුරුදු 35 යැයි ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසා තිබිණි.
ඊට තමන් එකඟ නොවන බව පවසමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරනුයේ ත්‍රිවීල් රියදුරන්ගේ අවම වයස අවුරුදු 25 ලෙස හෝ වෙනස් විය යුතු බවයි.
(36698)