ත්‍රිමලේ නාවික කඳවුරට අමුත්තෙක් පනී


ත්‍රිකුණාමලය නැගෙනහිර නාවික හමුදා කඳවුරට අද ඇතුළු වූ වල් අලියකු අල්ලා ගැනීමට වන ජීවී අඩවි ආරක්ෂක එම් සුරේෂ් කුමාර මහතා මෙහෙයුමක් ඇරැඹීය. මුහුදෙන් පීනා සුවිසල් කඳවුරු භූමියට ඇතුළු වූ අලියා කැලෑ රොදක සිටිනු දැක ඇත. අලියා නිර්වින්දනය කර කඳවුරෙන් කැලයකට යැවීමට නියමිතය.