ත්‍රිකුණාමලේ තව වැවක් කැඩේ
ත්‍රිකුණාමලය ගෝමරංගඩවර ඩෙල්ලික්කඩ වැවේ බැම්ම අද කැඩී ගිය බව ගෝමරංකඩවල ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා කියයි.
මේ වෑ කණ්ඩිය අලි මංකඩකි. අලි ඇතුන් නිතර ගමන් කිරීම ද වෑ කණ්ඩිය කඩී යාමට හේතුවක් විය හැකි යැයි ජයසුන්දර මහතා කියයි.
යුද්ධයෙන් පසු ඩෙල්ලික්කඩ ගමේ පවුල් 45ක් පදිංචි කරවනු ලැබූහ. වැව කැඩීයාම නිසා අක්කර 180ක පමණ කුඹුරු වගා කරගත නොහැකි වනු ඇත.

