ත්‍රිකුණාමලය ගණන් කිරීමේ නිලධාරියෙක් ඉවතට


ත්‍රිකුණාමලය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ගණන් කිරීමේ නිලධරයකු ඡන්ද රාජකාරිවලින් තාවකාලිකව ඉවත් කළ බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය. ඡන්ද අපේක්ෂකයන්ගේ ඉල්ලීම මත එම නිලධාරියා ඉවත් කළ බව එම උසස් නිලධාරියා කීය.