තහනම් කළ වෙබ් අඩවි නඩුවේ ලිඛිත දේශන 20 වැනිදා


රජය අප‍්‍රසාදයට පළ කළැයි කියන ‘එක්ස් නිව්ස්’ හා ශ්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවි දෙකේ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ රුවන් පර්නැන්ඩස් සැකකරුවකු ලෙස ඉදිරිපත් වූ නමුත් ඔහු සැකකරුවකු නොවන බව පැමිණිල්ල කියා සිටියේය. එහෙත් රහස් පොලිසිය ඔහු සොයතියි ඔහුගේ නීතිඥවරයා කීවේය. කටඋත්තරයක් දීමට රහස් පොලිසියට ගියහොත් අත්අඩංගුවට ගනිතියි කී විට නීතිඥවරුන් සමග ගොස් ලබන 16 වැනිදා කටඋත්තරයක් දෙන්නැයි මහේස්ත‍්‍රාත් නියෝග කෙළේය. ලංකාමිරර් වෙබ් අඩවියේ අටදෙනා වෙනුවෙන් ලබන 20 වැනිදා ලිඛිත දේශන ඉදිරිත් කිරීමට නියමිතය. ඔවුහු දැනට ඇප මත සිටිති.