තහනම් උද්ඝෝෂණය පල්ලියේදී


කර්මාන්ත සංවර්ධන ඇමති රිශාඩ් බදුද්ධීන් මහතා පාර්ලිමේන්තුවේ කළ කතාවකින් රායප්පු ජෝශප් මන්නාරම රදගුරු තුමන් අපකීර්තියට පත්කොට ආරක්ෂාවට තර්ජනයක් එල්ලකළැයි කියමින් දස දහසකට අධික පිරිසක් මන්නාරම ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී අද උද්ඝෝෂණයක් කළහ. මීගමුව, හලාවත ආදී පෙදෙස් වලින් ද පූජකවරු ද මහජනයා ද එහි ගොස් සිටියහ. මේ උද්ඝෝෂණය මන්නාරම පාරේ පැවැත්වීමට සංවිධානය කැර තිබුණත් සාමය කඩවෙතියි මන්නාරම පොලීසිය අධිකරණයට කරුණු දක්වා පෙළපාලිය හා උද්ඝෝෂණය තහනම් කළේය. ඉන්පසු උද්ඝෝෂකයෝ දෙව්මැදුරේදී සිය උද්ඝෝෂණය කළහ. ඇමතිවරයා කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන රදගුරුතුමන්ගෙන් සමාව ගතයුතුයැයි උද්ඝෝෂකයෝ එක හඩින් කියා සිටියහ.