තවුහිද් ජමාද් උද්ඝෝෂණයට තහනම් නියෝගයක්


(නිමන්ති රණසිංහ)

මියන්මාරයේ මුස්ලිම් ජනයා පීඩාවට පත්වෙන බව කියමින් ඊට විරුද්ධව තවුහිද් ජමාද් සංවිධානය විසින් කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වීමට තිබූ උද්ඝෝෂණය තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(14) තහනම් නියෝගයක් පැනවීය.

ඒ අනුව අද දහවල් 1ට මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව තිබූ අතර එය තහනම් කරමින් තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් එස්.එම්.අස්මීර්ට අදාළ නියෝගය නිකුත් කෙරිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා මෙම නියෝගය පැනවීය.