(රංජන් කස්තුරි)
වෙළෙඳපොළේ එළවළු මිල ගණන් තවමත් අධික ලෙස ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මෙන්ම දිවයිනේ පිට පළාත්වලත් එළවළු මිල තණන් අධික ලෙස ඉහළ ගොස් තිබූ බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.
කොළඹ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (23) පැවති එළවළුවල සිල්ලර මිල ගණන් අනුව බෝංචි කිලෝවක් රුපියල් 240ක්ද, කැරට් කිලෝවක් 180ක්ද, බීට් කිලෝවක් 200ක්ද, ලීක්ස් කිලෝවක් 240ක්ද, ගෝවා කිලෝවක් 200ක්ද, රාබු කිලෝවක් 120ක්ද, මාළු මිරිස් කිලෝවක් 360ක්ද, අමුමිරිස් කිලෝව රුපියල් 400ක්ද, වට්ටක්කා කිලෝව රුපියල් 100ක්ද, ලෙස පැවතිණ.
තක්කාලි, වම්බටු සහ පතෝල කිලෝවක මිල රුපියල් 160කි. කරවිල කිලෝවක මිල 260ක්ද, බණ්ඩක්කා කිලෝවක මිල 180ක්ද ලෙස පැවතිණ.
කෙසේ වෙතත් සිල්ලර වෙළෙඳසල්වල හා ජංගම රථවල එළවළු මිල ඊට වඩා වැඩි අගයකට අද දිනයේදී අලෙවි වූ බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

