තවත් ස්වාධීන කණ්ඩායම් 15ක් ඇප මුදල් තැන්පත් කරති


(රංජන් කස්තුරි)
 
මහ මැතිවරණයට තරග කිරීම සඳහා තවත් ස්වාධීන කණ්ඩායම් 15ක් මැතිවරණ කොමිෂන් සභාවට මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ.
 
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය සඳහා ගල්කන්ද ආරච්චිගේ ටිරාජ් ලක්රුවන් පියරත්න, හපුතන්ත්‍රිගේ ධම්මික කුමාර, ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් අමරසිංහගේ බන්දු සමන් කුමාර අමරසිංහ, කළුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් වැලිගම ආරච්චිගේ සාලිය ශාන්තිලාල් ගුණසිංහ, නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් චන්ද්‍රසේකරන් අනූෂා දර්ශනී යන මහත්ම මහත්මීන්ගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර ඇත.
 
ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් දේමුණි ප්‍රදීප් සේනාරත්න ද සිල්වා, යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් ආල්වාප්පිල්ලෙයි කුරුකුලන්, අක්මන් සුල්තාන් සුපිජාන්, චන්ද්‍රකුමාර් මුරුකේසු, වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් කෝබලරාසා කබිලන්, අදිකාරී ආරච්චිලාගේ ප්‍රදීප් ප්‍රසන්න අදිකාරී, මඩකලපුව දිස්ත්‍රික්කය වෙනුවෙන් මුහමඩ් තම්බි උවෙයිස්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වෙනුවෙන් මොහමදු අලි අජිබ්, පුත්තලම දිස්ත්‍රික්කය වෙනුවෙන් වර්ණකුලසූරිය ලියෝ හියුබට් රංජිත් ප්‍රනාන්දු සහ මුහම්මදු අබ්දුල් රහීම් ඉනාමුල් හසන් යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර තිබේ.