කඩු පහරකින් සම්පූර්ණයෙන් වෙන්වූ තරුණයකුගේ (23) අතක් පැය 11ක සැත්කමකින් පසු සාර්ථකව බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පිරිසක් සමත් සමත්වූහ.
ඉකුත් 16 දින හලාවත රෝහලට ඇතුලත් කරනු ලැබූ රෝගියා රාත්‍රී 8.30 පමණ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබ ඇත. රාත්‍රී ආරම්භ කළ ශල්‍යකර්මය අවසන් වී ඇත්තේ පසුදින උදෑසනය.
කෙටි කාලයක් ඇතුළත වෙන්වූ අත් බද්ධ කිරීමේ හතර වැනි සාර්ථක සැත්කම මෙයයි.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය දුෂාන් බෙනරගම මහතාගේ අධීක්ෂණයෙන් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය හා ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරීන් වන අමිල සිරිවර්ධන හා නිර්මාල් මාරසිංහ යන වෛද්‍යවරු සැත්කම සිදුකළහ.
