කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සහ ස්නායු ශල්‍ය ඒකකයේ වෛද්‍ය කණ්ඩායමක් එක්ව පැය 16ක් පුදා කළ කුඩා දරුවන් හතර දෙනකුගේ හිස් කබල්හි කපාල සැකසීමේ සැත්කම් සාර්ථක වූ බව ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතා පවසයි.
තුවාල සුව වීමත් සමග ක්‍රම ක්‍රමයෙන් දියවෙන ප්ලේට් යොදා ගනිමින් ලංකාවේ සිදුකළ පළමු සාර්ථක සැත්කම මෙය බව ද ඒකනායක මහතා කියයි.
‘මේ සැත්කමට භාජනය කළ දරුවන් රත්මලාන, අවිස්සාවේල්, ජාඇල සහ හලාවත පදිංචිකරුවන්. හිස් කබල් දරුණු ගිලා බැස්මක් සහිත විකෘතිතාව නිසා සැත්කමට භාජනය කළා.
මෙවැනි සැත්කම්සාර්ථකව සිදු කරන හොදම රෝහල ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝයල් විල්රන් රෝහලයි. අපේ රදුවන් එම රෝහලට යොමු කළා නම් දෙමාපියන්ට විශාල මුදලක් දරන්න සිද්ධ වෙනවා.‘

