තවත් 75ක් සාමසාධක සේවයට


එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාස හයක සේවයට ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් 75ක් සහ නිල සුනඛයන් සිව් දෙනෙක් ලෙබනනය බලා පිටත්ව ගියහ. රොබින්, ජැකී, රෝවර් සහ ඩූම් එලෙස පිටත්ව ගිය නිල සුනඛයන්ය. ඔවුන්ටද මාසික වැටුපක් හිමිවේ.