කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ගෙන් 33දෙනෙකු සුවය ලබා අද(30) රෝහල්වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 9දෙනෙකුද, වැලිකන්ද මූලික රෝහලෙන් 2දෙනෙකුද, ඉරණවිල රෝහලෙන් එක් අයෙකුද, කාන්තන්තුඩි රෝහලෙන් 8 දෙනෙකුද, මිනුවන්ගොඩ රෝහලෙන් එක් අයෙකුද, හම්බන්තොට රෝහලෙන් 4දෙනෙකුද, තෙල්දෙනිය රෝහලෙන් 8 දෙනෙකුද වශයෙනි.
ඒ අනුව, සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 1711 දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ(29) දිනයේදී 17දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගියහ.

