තව හොඳ වැඩකට පැරිස් ලාංකිකයෝ අත දෙති
මහරගම පිළිකා රෝහලට ස්කෑනර් යන්ත‍්‍රයක් පරිත්‍යාග කිරීමේ අරමුණින් පැරිසියේ මීගමු සංවිධානය පැරීසියේ දී සීගිරි රූ සැදෑවක් මැයි 20 වැනි ඉරිදා සවස තුනට ඇරැඹීමට යයි. ප‍්‍රංශයේ වසන ශ්‍රී ලාංකිකයන් අතරින් රූ රැජිනක් ද තෝරා ගැනීමට නියමිතය. විවාහක රූ රැජිනක වූ රෝසි සේනානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රිනිය ප‍්‍රමුඛ විනිශ්චය මණ්ඩලයකින් ඇය තෝරා ගැනේ. ශ්‍රී ලාංකික සිංහල රැෆ් සංගීතඥයන් වන භාතිය හා සංතුෂ් එහිදී ගී ගැයීමට නියමිතය.

