තව හතලිහකගේ ඕස්ට්‍රේලියා ගමන වාකරෙන් නවතී.
බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යාමට තැත්කළ කතුන් හා ළමයින් ඇතුළු 40 දෙනෙක් වාකරේ මාන්කේනි වෙරළේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. අශ්වබල 9.9 බෝට්ටු දෙකක්, වෑන් රථයක් හා ත්‍රී රෝද රථයක් ද අත්අඩංගුවට ගෙන ඇත. මේ පිරිස ත්‍රිකුණාමලය, මුලතිව්, වාකරේ හා හලාවත පදිංචිකරුවන් බවත් මොවුන් අද වාලච්චේන අධිකරණයට ඉදිරිපත්කරන බවත් පොලීසිය කියයි.

