තව සුළු කම්පන දෙකක් උතුරු ඉතාලිය හොල්ලයි


අද උදේ 9.00 ට සිදුවූ භූමිකම්පාවෙන් පසු සුළු පසුකම්පන දෙකක්ද ඇති විය. ඉතාලි භූමිකම්පාවෙන් එකළොස් දෙනෙකු මියගොස් ඇතැයිද තවත් සෑහෙන පිරිසක් තුවාල ලබා ඇතැයිද සහන සේවකයෝ කියති.  දුම්රිය ගමන් කිහිපයක් නතර විය. ඇතැම් නගරවල පාසල් වසා දැමිණි. මිරන්දෝලා නගරයේ කඩා වැටුණු ගොඩනැගිල‍්ට සිව්දෙනෙකු යටවී ඇතැයිද වාර්තා වේ. මරණ සංඛ්‍යාව තවත් වැඩි විය හැකි යැයි ඉතාලි සහන සේවකයෝ කියති. ශ්‍රී ලාංකිකයන් කිසිවකුටත් අනතුරක් සිදුවූ බවට මෙතෙක් වාර්තා වූයේ නැත.