තව සීයකට ඕස්ටේ‍්‍රලියා ගමන වරදී


පොලිස් කොස්තාපල්වරයකු  ඇතුළු 109 දෙනකු රැගත් යාත‍්‍රා දෙකක්  ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටියදී වාලච්චේන මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තී‍්‍රකුණාමල නාවික ජැටියට රැගෙන ආ බව  නාවික  හමුදාව කියයි. මොවුන් තලවකැලේ, වාලච්චේන, හලාවත, කල්පිටිය, හා මඩකලපුවේ අය  බව සොයාගෙන ඇත. තැරැව්කරුවනට ලක්‍ෂ ගණනක් මුදල් දී  ඕස්ටේ‍්‍රලියාවට හොරෙන් යන්නට ආ බව කියන මේ පිරිස පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට රහස් පොලීසිය කැදවා ඇත.