තව ලක් පුතෙක් ඔලිම්පික් ගමේ


ශ්‍රී ලංකාවේ තරුණ ඉංජිනේරුවකු වන ඩෙක්ස්ටර් සිල්වා 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ තාක්‍ෂණ සහායකු ලෙස තෝරාගනු ලැබ සිටියි. කොළඹ වෙස්ලි විදුහලේ ආදි සිසුවකු වන ඩෙක්ස්ටර් හ්ර්ට් පෝර්ඞ් ෂයර් සරසවියේ 2005දී උපාධිය දිනා දැන් පශ්චාත් උපාධියට සැරසෙයි. ශ‍්‍රව්‍ය - දෘශ්‍ය හා විකාශන ඉංජිනේරුවරයකු වන ඔහු ලන්ඩනයේ බොහෝ සංස්කෘතික උත්සවයන්හිදී සිය සේවය නොමිලයේ ලබාදෙයි. වැඩක් හරියට කිරීමේ දක්‍ෂයකු වන ඔහු අයි.බී.එම්. මයික්‍රොසොෆ්ට් මෙට්රොපොලිටන් පොලිසිය කොන්සර්වැවිට් පක්‍ෂය ඇතුළු කීර්තිමත් ආයතන සංවිධාන රැසක සේවා දායකයෙකි. ඔහු ගොඞ්ප‍්‍රි හා සුනේත‍්‍රා ද සිල්වා යුවළගේ පුත‍්‍රයෙකි.