පානදුරේ පෞද්ගලික ආයතනයක් ඉදිරිපිටදී පොලිස් සුළු අවියක් පත්තු වී එම ආයතනයේ සේවකයකුගේ පියකුට වැදී රෝහල් ගත කැර ඇතැයි රෝහල් ආරංචි කියයි.
රාත්‍රී දොළහට පමණ එම ආයතනයේ අනතුරු අඟවන සිනුව නාද වීමත් සමඟ එහි ආ පොලීසිය ආයතනයේ යතුරු බාර සේවකයින් සිව් දෙනා කැඳවා ආයතනයේ දොරවල් හැර පරීක්ෂා කිරීමෙන් පසුව පොලීසිය යළි යන්නට සැරසෙද්දී එක් නිලධරයකු අත වු සළු අවිය පත්තු වී උණ්ඩය කාණුවක වැදී එහි කැබලි ඒ අසල සිටි පුදුගලයකුගේ ඇගටද වැදී ඇතැයි සිද්ධීය දුටු අය කියති.

