තව නැව් දෙකක් හම්බන්තොට
ලොව විශාලතම නැව් දෙකක් වාහන 1251ක් රැගෙන මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට සේන්දු විය. ශ්‍රී ලංකාවටම ජපාන වාහන 798ක් රැගත් ග්‍රෑන්ඩ් නැප්චුන් නැව (දිග මීටර් 198) හා ප්‍රති අපනයනයට ශ්‍රී ලංකාවට වාහන 453ක් රැගත් ග්ලෝවිස් ප්‍රෙස්ටිජ් නැව ද වාහන ගොඩ බා දවසක දී පිටත්ව යන බව වරාය නිලධාරී සජිව විමලසිරි මහතා පවසයි.

