තව කොටියෙක් පුනරුත්ථාපනයට කැමති වෙයි
2008 ජනවාරි දෙවැනිදා කොළඹ කොටුව දුම්රිය පොළට බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ කනගසබේ දේවදාසන් නම් කොටි සාමාජිකයා ඒ ගැන පාපොච්චාරණය කිරිමටත් පුනරුත්ථාපනය වීමටත් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට සිය කැමැත්ත පළ කළේය. ඔහුගේ ඉල්ලීම නීතිපතිට යැවීමට නියෝග කළ මහේස්ත‍්‍රාත් ඔහු ලබන 25 වැනිදා තෙක් රිමාන්ඞ් කෙළේය.

