තව අසූ දෙකක් නාවික හමුදා අත්අඩංගුවේ


‘කාලින්දි‘ හා ‘ප්‍රසංසනී දුව‘ බෝට්ටු දෙකෙන් ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නට ආ අසූ දෙදෙනෙක් ත්‍රිකුණාමල මුහුදේ දී නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල නාවික හමුදා ජැටියට ගෙන එනු ලැබූහ.